2020 මාර්තු 14 වන සෙනසුරාදා

කොළඹ තරු රටා බලන්න Orion City Tower හී Elyon Colombo Hotel

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ග්‍රීක මිත්‍යාවන්ගේ එන ඔරියන් නම් දඩයක්කාරයාගෙ රුව පහසුවෙන් ඇස ගැටෙන තරු රටාවක්. මේ කතාව නම් දඩයක්කාරයා ගැන නෙවෙයි. කොළඹ දෙමටගොඩ Orion city tower හී Elyon Colombo Hotel ගැනයි.

ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පයෙන් හැඩවුණු හෝටලය අති සුඛෝපබෝගී එකක්. නගරය දර්ශනය වන Deluxe Rooms 14ක්, හිරි නගින යුරු පෙනෙන Deluxe Rooms 12ක්, Suits එකක් සහ Premier Room 4ක් ඇතුළු කාමර 34කින් හෝටලය සමන්විතයි. නූතන සුඛෝපභෝගී පහසුකම් හා සේවාවන්ගෙන් ඒ හැම එකක්ම පාහේ අංගසම්පූර්ණයි. දේශීය වගේම ජාත්‍යන්තර ආහාරවලින් ඔබව පිනවන Mintaka ප්‍රධාන අවන්හලද Orion City park, 20 වැනි මහලේ ශරීර සුවතා මධ්‍යස්ථානය වගේම Aerobic Studio එකත් 19 වැනි මහලේ Yoga සහ Cocktail Bar එකත් ආදි වශයෙන් සුවිශේෂී පහසුකම් රැසකින්ම හෝටලය සමන්විතයි. ඒ වගේම 120කට පහසුකම් සහිත Sky Function Hall එකත් අපුරුයි.

Elyon colombo හී ලැගුම්ගන්න ඔබට කොළඹ නගරයෙ සුන්දර තැන් වෙත පහසුවෙන් ළඟාවෙන්නත් අත්‍යවශ්‍ය කටයුතු පහසුවෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම රටේ අනෙකුත් පළාත්වල සංචාරයට මුල පුරන්නත් අපූරු තැනක්. මේ සුඛෝපභෝගී නවාතැන සැබැවින්ම ඔබේ නිවාඩුව වේවා රාජකාරිමය කටයුත්ත වේවා සුවපහසු සුඛොපභෝගී එකක් කරනු නොඅනුමානයි.

සනත් වීරසූරිය 
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00